පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම ගැන යළි කතාබහක්

දැනට කතාබහට ලක්ව ඇති පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ කටයුතු බොහෝ විට ජනවාරි මාසයේ නව පාර්ලිමේන්තු සැසිය ආරම්භ කිරීමෙන් අනතුරුව සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අද (13) දිනෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමට නියමිතව ඇති අතර ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රීයේ 09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අවසන් කිරීමට කටයුතු කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග මීට පෙර සඳහන් කළේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටිය ද ඊට ආණ්ඩු පක්ෂයේ නිසි පිළිතුරු ලැබුණේ නැත.

ඒ අනුව ඉදිරි දිනවල දී බොහෝ විට පාර්ලිමේන්තුවේ වාර අවසාන කරනු ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව වාර අවසාන කළ විට එතෙක් පාර්ලිමේන්තුව විසින් සලකා නොබැලූ ප්‍රශ්න සහ යෝජනා අහෝසි වන අතර මන්ත්‍රීවරුන් නැවත වාරයක් ඒ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතු වේ.

මීට අමතරව පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව උසස් නිලතල පිළිබඳ කාරක සභාව, විශේෂ කාරක සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභා හැර අනෙකුත් සියලු කාරක සභා නව සැසිවාරයේ දී නැවත පත් කළ යුතු බව සඳහන්ය.

ඒ අනුව කෝප් හා කෝපා කමිටු ද නැවත පත් කළ යුතු අතර දැනට ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති කෝප් කමිටු සභාපතිවරයාගේ ප්‍රශ්නය ද ඉන් අවසන් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *