පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වූ අසුන ගැන මැතිවරණ කොමිසම දැනුම් දෙයි

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

චමින්ද විජේසිරිගේ ලිපියට අනුව ඉල්ලා අස්වීම 2024 ජනවාරි 09 වැනිදා සිට බලපැවැත්වෙන බවද මහලේකම්වරයා දන්වා ඇත.

ඒ අනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තියට අනුව නවවැනි පාර්ලිමේන්තුවේ චමින්ද විජේසිරි මහතාගේ ආසනය පුරප්පාඩු වී ඇති බව මහලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *