පළාත් පාලන ඡන්දයට තැන්පත් කළ ඇප මුදල් නැවත මුදා හරිනවා

නාම යොජනා අහෝසි කළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට  අදාළව තැන්පත් කර තිබෙන ඇප මුදල් නැවත මුදා හැරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක පැවසීය.

මිට අදාළ විස්තරයක් අද දිනයේදී මාධ්‍යයට මුදහැරිමට කටයුතු කරන බවත් ඇප මුදල් නැවත ලබා දීමට අදාළ කටයුතු සිදුකරමින් තිබෙන බවත් සඳහන් කළේය.

අයවැයට අදාළ කටයුතු පර්ලිමේන්තු කාලය තුළදී  පළාත් පාලන  ආයතන  ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කටයුතු සිදු කළ නොහැකි බවට විපක්ෂයේ කණ්ඩායම් මැතිවරණ කොමිසමට ලිපියක් භාරදුන් බවද ඔහු පැවසීය.

මේ නිසා ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශ කරන විට ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටි බවත් ඡන්ද විමසීම් දිනය පිළිබඳව තීරණයක් ගන්නා විට ඒ ගැන සාකච්ඡා කරන බවත් හෙතෙම  සඳහන් කළේය.

නාම යෝජනා කැඳවා තිබෙන පළාත්පාලන ආයතන ඡන්ද විමසීම අවලංගු වී තිබෙන නිසා එම ඡන්ද විමසීම වෙනුවෙන් ලබා ගත් ඇප මුදල් නැවත ලබා දිය යුතුව තිබෙන බවද සභාපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *