පනත් දෙකකට කතානායක සහතිකය

පාර්ලිමේන්තුවේදී පසුගිය දිනවල සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත්  දෙකක්  සඳහා කතානායකවරයා සිය සහතිකය සටහන් කළ බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ  මහතා ඊයේ(21) පාර්ලිමේන්තුවේදී  පැවසීය

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් වලට කථානායකවරයා මෙසේ සිය සහතිකය සටහන් කර ඇත

ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 15 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත සහ 2024 අංක 16 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස ඊයේ (21) සිට බලාත්මකවිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *