පද්මෙ ඇතුළු කණ්ඩායම දින දෙකකින් ලංකවට

ඉන්දුනීසියාවේ පොලිසිය සහ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු කණ්ඩායම ඉදිරි දින දෙක ඇතුළත රටට ගෙන ඒමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සංවිධානාත්මක අපරාධකරුවන් වෙනුවෙන් විශේෂිත මහා අධිකරණ  හිටුවා  දීර්ඝ කාලයක් නඩු කටයුතු පවත්වාගෙන යන්නේ නැතිව කඩිනමින් දඩුවම් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *