පාකිස්ථානයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් 20කට වැඩි පිරිසක් මිය ගොස් 80කට තුවාල

පාකිස්තානයේ කරච්චි සිට කිලෝමීටර් 275ක් දුරින් පිහිටි දුම්රිය ස්ථානය අසලදී රාවල්පිණ්ඩි බලා ධාවනය වූ හසාරා එක්ස්ප්‍රස් දුම්රිය පෙට්ටි දහයක් පීලි පැනීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් තවත් 80 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුව ඇත්තේ පකිස්ථානයේ සින්ද් පළාතේදීය.

තුවාල ලැබූ මගීන් අසල රෝහලට ගෙන ගොස් ඇති අතර මාධ්‍ය හමුවක් අතරතුර දුම්රිය හා ගුවන් සේවා පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය Khawaja Saad Rafique වාර්තා කළේ කවුරුන් හෝ සිතාමතාම අනතුර සිදු කර ඇති බව හෝ එය යාන්ත්‍රික දෝෂයක් විය හැකි බවයි. පීලි පැනීමට සැබෑ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

රජය ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු කරන අතර රෝහල්වල හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත. සහන මෙහෙයුම් සඳහා පකිස්ථාන හමුදාවද එක්ව සිටින අතර අවට කඳවුරුවලින් තවත් භට පිරිසක් කැඳවා තිබේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 100කට අධික පිරිසක් ද එක්ව සිටිති. ගිලන් රථ ද එම ස්ථානයට පැමිණ තිබේ. බේරාගත් මගීන් සඳහා ආහාරයට ගතහැකි ද්‍රව්‍ය සමඟ හමුදාව ළඟා වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *