පක්ෂ දෙකක ආධාරකරුවෝ ගැටෙති : අයෙක් රෝහලේ

පක්ෂ දෙකක දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ එක් පක්ෂයක ආධාරකරුවෙක්  මිනුවන් ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පහ මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි  .

එම ආධාරකරුගේ නිවසට පැමිණ ඇති  අනෙක් පක්ෂයේ   ආධාරකරුවන් දෙදෙනා ඔහුගේ දේශපාලන මතයට විරුද්ධ බව පවසමින්  බැණ වදිමින් මෙම පහරදීම සිදුකර ඇති බව පවසන පොලිසිය මෙම දෙපාර්ශ්වයම ඥාතිවරුන් බවද කියා සිටියි  .

පහර කෑමට ලක්වී ඇත්තේ මිනුවන්ගොඩ  පදිංචි 39 හැවිරිදි විවාහක අයෙකු බවද පොලිසිය පවසයි  .

සැකකරුවන්  ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී ඇතැයි  පවසන  මිනුවන්ගොඩ පොලිසිය සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීම සඳහා  විමර්ශන ආරම්භ කර ඇතැයි කියා සිටි  .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *