පක්ෂය හැර නොයන බවට ශ්‍රීලනිප නියෝජිතයින්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනේ

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් තමන් පක්ෂය හැර නොයන බවට දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමට එම පක්‍ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවැසුවේ මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම් ගත වීමේදී ඒ ඒ පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කිරීම අනිවාර්ය කොන්දේසියක් වූ බවයි. එමෙන්ම තම පක්ෂය මෙවර මහමැතිවරණයට පොහොට්ටුව ලකුණ යටතේ තරගවැදීමට ඉදිරිපත් වීමට නියමිත අතර, මැතිවරණයෙන් පසුවද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අන්‍යතාව ආරක්‍ෂා කර ගැනීම උදෙසා මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවැසුවා.

කෙසේ වෙතත් මෙම දිව්රුම් ප්‍රකාශයට අත්සන් තැබීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බහුතරයක් දෙනා ප්‍රතික්‍ෂේප කර ඇති බවටයි තොරතුරු වාර්තා වනනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *