“නොරෝච්චෝල‘ පළමු – තුන්වන ජනන යන්ත්‍ර යළි ක්‍රියාත්මකයි

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ අක්‍රියව තිබු ජනන යන්ත්‍ර තුන අතරින් පළමු හා තුන්වන ජනන යන්ත්‍ර නැවතත් නිසි ලෙස තම විදුලිය නිෂ්පාදනය ආරම්භ කර ඇති බව විදුලි බල මණ්ඩල ඉහල නිළධාරීයකු විමසිමේදි  පැවසිය.

පසුගිය 9 දින ජාතික පද්ධතියෙ ඇතිවු තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම එකවර නැවති යාමත් සමග විදුලිය කැපිමකට යාමට පවා සිදුව තිබුණි.

ජාතික පද්ධතියෙ ඇතිවු තාක්ෂණික ගැටළුවකට මෙලෙස ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම එකවර අක්‍රිය වු පලමු අවස්ථාව මෙය බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසති.

කෙසේ වෙතත් ලක්විජය බලාගාරයෙ ඉංජීනේරුවන් කඩිනමින් ක්‍රියාත්මක වි නැවති ගිය ජනන යන්ත්‍ර අතරින් තුන්වන ජනන යන්ත්‍රය හා පලමු ජනන යන්ත්‍ර 15 දින දහවල් වන විටි යථා තත්වයට පත් කර ජාතික පද්ධතියට විදුලිය එක් කිරීමට කටයුතු කර තිබුනී.

කෙසේ වෙතත් මේ වන විටත් නැවති ඇති දෙවන ජනන යන්ත්‍රය යලි පන ගැන්විමට ලක්විජය බලාගාරයෙ ඉංජීනේරුවන් හා අනිකුත් කාර්ය මංඩලය කටයුතු කරමින් ඇති බව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *