නුවරඑළියෙන් දිවයින පුරා එළවළු කිලෝ 182,600ක් යවයි

නත්තල් සමය නිමිත්තෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ පළාත් කිහිපයකට  එළවලු කිලෝ 182,600ක ඉල්ලුමක් ලැබී තිබූ බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා පැවසීය.

එම ඉල්ලුම අනුව එම එළවලු තොග දිවයිනේ පළාත් කිහිපයකට ප්‍රවාහනය කළ බවද ඔහු පැවසීය.

ඉන් වැඩි ඉල්ලුමක් කැරට් වලට සහ ලීක්ස් වලට තිබු බවත් , කැරට් කිලෝ 55,000ක් සහ ලීක්ස් කිලෝ 55,000ක් එහි තිබුණු බවද කළමණාකාරවරයා පැවසීය.

මේ අනුව ගෝවා කිලෝවක් -රු.220, කැරට් -රු.200, ලීක්ස් -රු.200, රාබු -රු.150, බීට්රුට් -රු.350, බීට්රූට්/කට් -රු.470, අර්තාපල් -රු.270, රතු අර්තාපල් -රු.280, නෝකොල් -රු.250, සලාද -රු.600 යන මිලකට ගොවීන්ගෙන් මිලදී ගත් බව කළමණාකාරවරයා කියා සිටියේය.

මේ අතර වෙළද පොළේ බෝංචි කිලෝවක් රු.800, මාලු මිරිස් කිලෝවක් රු 1200, අමු මිරිස් කිලෝවක් රු.1000 සහ පහත රට සෑම එළවලු කිලෝවක් රු.600-800ත් අතර සිල්ලර මිලකට අලෙවි විය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *