නුගේගොඩ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද නුගේගොඩ නගරය ආසන්නයේ පැවැත්වූ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

අද පස්වරුවේ නුගේගොඩ විජේරාම මංසන්ධිය අසල විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් වන කැළුම් මුද්දන්නායක සහ ඩිල්ෂාන් හර්ෂණ රඳවා තබා ගැනීම, මහපොළ ශිෂ්‍ය දීමනාව වැඩි කිරීම, ජීවන වියදම අඩු කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් (අවිශිබම) මෙම විරෝධතාව පැවැත්වේ. PT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *