Petition challenging holding Law College Exams in English medium dismissed

නීති විදුහල්පති මාරු කරන්න එපා – නීති විද්‍යාල කාර්ය මණ්ඩලය

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ  සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගෙන් ලිඛිත  ඉල්ලීමක් කර ඇත.

ආචාර්ය අතුල පතිනායක නීති විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරූ 2021 – 24 කාලයේ  නීති විද්‍යාලයේ පරිපාලනය ශක්තිමත් කිරීම උදෙසා සැලසුම් සහගත පියවර රාශියක් ගන්න ලැබූ අතර මේ වන විට නීති ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම විද්‍යාල කාර්ය මණ්ඩලයද එම සැලසුම්වල ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින බව නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අගමැතිවරියට  යැවූ ලිපියේ සඳහන් වේ.

නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා  මාරු කළහොත් එය නීති  විද්‍යාලයේ ප්‍රගතියට හා සංවර්ධනයට හානිකර බලපෑමක් විය හැකි බවද සේවක මණ්ඩලය අගමැතිනියට ඉදිරිපත් කරන ලද ලිපියෙන්  පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *