නිපොන් හෝටලයේ මාධ්‍ය සාකච්ඡා නඩුවට ඥානසාර හිමි වරද පිළිගනී

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු හත් දෙනෙකු ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවකට අදාළව චෝදනාවලට වරද පිළිගත්තා.

2014 වසරේ ජාතික බල සේනා නායක පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවකට බාධා කිරීම සහ කොළඹ නිපොන් හෝටලයට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල විය.

ඥානසාර හිමියන් ඇතුළු පිරිසට පැමිණිලි පාර්ශ්වයට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවන ලෙස නියෝග කළ අතර, යළි එවැනි වැරදි සිදු නොකරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔවුන්ට දැඩි ලෙස අවවාද කළේය.

මේ අතර විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති එක් චෝදනාවක් සමථයකට පත් කිරීමට පාර්ශවයන් කැමැත්ත පළ කළා.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ඥාණසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා මාධ්‍ය හමුවට කඩා වැදී තර්ජනය කර මාධ්‍ය සාකච්ඡාව කඩාකප්පල් කළ බවට මහියංගනය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජිත හිමියන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ගලබොඩඅත්තේ ඥානසාර හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි, වැලිමඩ චන්ද්‍රරත්න හිමි, වැල්ලම්පිටියේ සුමන ධම්ම හිමි, ආරියවංශ සම්බුද්ධ හිමි, චර්ද්‍රානන්ද හිමි, පී වෑවල, පතිරණගේ ගුණවර්ධන යන අය 2014 අප්‍රේල් 9 ජාතික බල සේනා මාධ්‍ය සාකච්ඡාව බාධා කිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *