නල්ලූර් පුංචි මන්ත්‍රී ගංජා සමග මාට්ටු

කේරල ගංජා ජාවාරම් කළ බව කියන නල්ලූර් ප්‍රාදේශීය සභාවේ ඉලංගෙයි තමිල් අරසු කච්චු පක්ෂයේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකාර මන්ත්‍රීවරයාගේ නිවස වැටලූ අවස්ථාවේදී සැකකරුගේ නිවසේ අල්මාරියේ සඟවා තිබියදී ගංජා කිලෝ 4 ක් සහ ග්‍රෑම් 800 ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයාට මන්නාරම්ම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මීට දින කීපයකට පෙර කේරල ගංජා කිලෝ 10 ක් ලබා දී තිබූ අතර ඉන් කොටසක් විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරුට එම ගංජා තොගය ලබාදුන් පුද්ගලයා සහ එම ගංජා ලබාගත් පුද්ගලයින් සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *