නඩු වැඩ ඉවර වී සති දෙකක් ඇතුළත ගුරු විභාගය ගැසට් කරන්න යයි

ගුරු පත්වීම් සම්බන්ධයෙන් පැවැරුණු නඩු කටයුතු අවසන් වී සති දෙකක් ඇතුලත ගුරු විභාගය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ  රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය අතර පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව පිළිබඳ මෙම සාකච්ඡාව අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මේ වන විටත් පළාත් මට්ටමේ ගුරු පුරප්පාඩු පිළිබඳව දත්ත ලබාගෙන ඇති බව මෙම සාකච්ඡාවේදී හෙළිදරව් විය.

මෙම සාකච්ඡාවට රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර,  පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහත්වරු සහ උපාධිධාරීහු එක්ව සිටියහ.

ගුරු පත්වීම් ලබාදීමට අදාලව නඩු කටයුතු 4ක් පැවති අතර මේ වන විට ඒ සියල්ල නිෂ්ප්‍රභා කර තිබෙන නමුත් එහි නඩු වාර්තාව තවමත් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර නොමැති බව මෙහිදී අනාවරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *