නඩු භාණ්ඩ අතුරුදන් වීම ගැන අධිකරණ ඇමතිගේ අවධානය

අධිකරණයේ නඩු භාණ්ඩ අස්ථානගතවීම් සම්බන්ධයෙන් සොයාබලා නීතීය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“කුඩු සාම්පල් අධිකරණය භාරයේ තිබුණු ඒවා. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ, පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ ණඩු භාණ්ඩ ගබඩාවල තියෙන ඒවා එළියට ගිහිල්ලා. මේවා නිලධාරීන්ගේ සම්බන්ධයක් නැතුව කවදාවත්ම කරන්න බෑ. ඒවා වෙළෙඳපොළට එන ප්‍රශ්නය තියෙනවා. ඒ නිසයි අපි විෂ මත්ද්‍රව්‍ය පනතට සංශෝධනයක් ගෙනාවේ. අවශ්‍ය සාම්පලය විතරක් තියාගෙන. ඒක සුදුසු ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ සුදුසු තැනක තියලා. මහාපරිමාණයෙන් ග්‍රෑම් 5ට වැඩිය තියෙන ඒවා වාර්තා ලැබුණු විගස ඒවා විනාශ කිරීම සඳහා අවසර දීලා නීතිය සම්මත කළේ ඒ නිසයි. ඒ ප්‍රශ්නය විසඳන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *