දේශීය මිල ඉහළ ගියහොත් නැවත ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරනවා: ඇමති

දේශීය බිත්තර මිල යළි ඉහළ ගියහොත් රජය නැවතත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ පසුගිය දින කිහිපය තුළ දේශීය වෙළෙඳපොළේ බිත්තර මිලෙහි සුළු මිල අඩුවීමක් දක්නට ලැබුණු නමුත් මේ වන විට දේශීය වෙළෙඳපොළේ බිත්තරයක මිල රුපියල් 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

බිත්තර සඳහා පවතින ඉල්ලුම ඉහළ යෑම දේශීය වෙළෙඳපොළේ මිල ඉහළ යාමට හේතු වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *