දේශීය කර්මාන්ත ශක්තිමත් කරන්න උපදේශන සහා පිහිටුවයි

දේශීය නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා උපදේශන සභා පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනයේ ප්‍රතිපත්තිමය ගැටලු අවම කිරීමේ  අරමුණින් නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි උපදේශක සහා 20ක් මේ වන විට පිහිටුවා ඇත.

එම උපදේශක කමිටු මඟින් ආවරණය නොවන තවත් විශේෂිත කර්මාන්ත ක්ෂේත්‍ර 07 ක් සඳහා උපදේශක කමිටු පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, රාජ්‍ය ආයතන, වාණිජ මණ්ඩල විද්‍යායතන (විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන) සහ අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂඥයින් නියෝජනය වන පරිදි 25 දෙනෙකුට නොවැඩි සාමාජික සංඛ්‍යාවකින් සමන්විතව පහත දැක්වෙන කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා උපදේශක කමිටු පිහිටුවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* දේශීය ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය

* රස කැවිලි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය

* සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය

* කුකුළු මස් ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය

* විසිතුරු මසුන් හා මුහුදු පැළෑටි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය

* නිර්මාණාත්මක කලා ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය

* ඉසව් කළමනා කරණ ක්ෂේත්‍රය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *