දේශපාලකයින් මාරු කළාට රට හදන්න බෑ – මැදගොඩ අභයතිස්ස හිමි

කාබනික වගාව මෙරට තුළ ආරම්භ කිරීමට නොහැකි වූයේ ඒ පිළිබඳ බුද්ධිමය සංවාදයක් නොමැතිවීමෙන් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් රචිත ‘‘කලන වත’’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් රචිත තවමත් හමු නොවූ සාධාරණය සොයා ‘‘කලන වත’’ කෘතිය ජනගත කිරීම පදනම් ආයතනයේදී සිදුකෙරුණි.

පැපිලියානේ ශ්‍රී සුනේත්‍රාදේවී පිරිවෙන් පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි,

“ඒ අය බලයේ ඉද්දී ඇහුවා සැපද කියලා. දැන් මේ අයගෙන් ඒ අය අහනවා සැපද කියලා. ජනතාව වෙනස් නොවී දේශපලකයින් මාරු කරලා රට හදන්න බෑ. කාබනික වගාවේ අරමුණ පාරිශුද්ධ වෙන්න පුළුවන්. ජනතාව ඒ සඳහා එකතු කරගෙන බුද්ධිමය සංවාදයක් ඇති කළේ නැත්තම් එය ක්‍රියාත්මක කිරීමට හැකි වන්නේ නැහැ. ජනතාවගේ මනස හදන්නේ නැතුව කළොත් හැමදේම ගැසට් වගේ රිවස් වෙනවා. විපක්ෂය කරන්නේ සටන් පාඨ වෙනුවට අපහාස. 69 ලක්ෂයට කෝචොක් කරනවා. විපක්ෂයේ කාර්යභාරය ඒකද?”

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා,

“පොහොර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණේ නෑ. නැති ප්‍රශ්නයක් අරූඪ කරගත්තා. මම දන්නේ නෑ ග්‍රීන් ඉකොනොමි මොකද්ද කියලා. මොන වියතා ඔය අදහස දුන්නාද දන්නේ නෑ. අපි ගන්න හැමදේම රසායනිකයි. දැන් නැනෝ කියලා ගේනවා. වී සම්බන්ධයෙන් තියෙන පරීක්ෂණාගාරවල බලලා මේක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. එහෙම පාවිච්චි කරන්න පුළුවන්නම් ගේන්න ඕනේ. මේක තමයි විධායක ජනාධිපති ක්‍රමයේ අගතිගාමී තත්ත්වය.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *