තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් මීගමුව සහ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සහ 47 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ රන් වළලු 12 ක් , රන් මාළයක් , අත් පළදනා 02 ක් , රන් පෙන්ඩන්ට් 01 ක් සහ රන් මුදු 02 ක් තිබී පොලිසිය විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *