තැපැල් වර්ජනයේ පාඩුව කෝටි 10යි

තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනය හේතුවෙන් රජයට රුපියල් කෝටි 10 කට අධික පාඩුවක් සිදුව ඇතැයි තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා පැවසීය.

රජයේ ප්‍රතිපත්තිවලට අනුගත වෙමින් සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට තැපැල් වෘත්තීය සමිතිවලට හැකියාව ඇතැයිද තැපැල්පතිවරයා සඳහන් කළේය.

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් කොලඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.

නිවැරදි ස්ථාවරයක සිට සේවයට වාර්තා කරන්නැයි වර්ජනයේ නියුතු සියලුම තැපැල් සේවකයන්ගෙන් ඉල්ලිමක් කරන බවත් තැපැල්පතිවරයා එහිදී තවදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *