Sunday, 22 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

තායිලන්ත නියෝජ්‍ය අගමැති සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහාසක් පුවන්ග්කෙට්කියෝ (Sihasak Phuangketkeow) මහතා සිව්දින නිල සංචාරයක් සඳහා නොවැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

දිවයිනට පැමිණි ඒ මහතා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පිළිගනු ලැබීය.

මහනුවර අස්ගිරි මහා විහාරයේදී නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන රාජකීය කඨින පූජෝත්සවයට සහභාගී වීම සඳහා මහා වජිරලොංකෝන් රජුගේ රාජකීය නියෝජිතයා ලෙස තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වේ.

සිය සංචාරය අතරතුරදී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවීමට නියමිතය. එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

දෙරටේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී තිබීම මෙම සංචාරයේ ප්‍රධානතම අංගයකි. මෙම ගිවිසුම මගින් ගමනාගමනය පහසු කෙරෙනු ඇති අතර ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ජනතාවගෙන් ජනතාවට පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔබේ අදහස