තරුණ සේවා අලුත් සභාපති වැඩ බාර ගනී

නීතිඥ සුපුන් විජේරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බාර ගත්තේය.

ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් සිටියේ ය.

විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන නීතිඥ සුපුන් විජේරත්න මහතා මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සභාපතිවරයා හා කොළඹ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. එමෙන් ම  සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වූ ඔහු, යොවුන් පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස කටයුතු කර ඇත.

යෞවන සමාජ ව්‍යාපාරයත් , යොවුන් පාර්ලිමේන්තුවත් නියෝජනය කළ අයෙක් ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වූ පළමු අවස්ථාව මෙය වේ.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරු එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *