ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බිලියන 17ක ඉතිරියක් – අලි සබ්රි

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ  රටේ සංවර්ධන කටයුතුද ඉදිරියට කරගෙන යා හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අලි සබ්රි මහතා මේ බව කීවෙි  “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් හා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගනිමින්  සියලු ජාතීන් සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහන රැසක් හිමි වෙමින් තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

චීනය මෙන්ම ඉන්දියාව සමඟ සමීප සබඳතා පවත්වමින් මෙරට ආර්ථික සංවර්ධනයට දෙරටේ සහාය ලබා ගැනීමට රජය කටයුතු කර ඇති බවද  අලි සබ්රි මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *