ඩෙංගු මර්ධනයට ජනතාවගේ කිසිදු සහයක් නෑ – සෞඛ්‍ය අංශ

ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට ඩෙංගු රෝගයේ හිස එසවීමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ විශේෂ ඩෙංගු මර්දන සතියක් අද (08) සිට ක්‍රියාවට නැංවිය.

ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ සහ යාපනය යන දිස්ත්‍රික්කවලිනි.

ඒ අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ හැම්බර් පාරේ වේළුවන නිවාස සංකීර්ණයේ විශේෂ සෝදිසි කිරීමක් මෙම වැඩසටහන යටතේ සිදුකෙරුණි.

ඒහිදී අදහස්  දැක්වූ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජය විජයමුණි මහතා  පැවසුවේ  ඩෙංගු මර්ධනය සඳහා  මහජනතාවගෙන් ලැබෙන සහාය ප්‍රමාණවත් නොවන බවත් ඒ් සමබන්ධයෙන් කනගාටු වන බවත්ය.

“මේ වන විට එකම නිවැසියෙක්වත් මේ සඳහා සහභාගි වෙන්නේ නෑ.. ඔවුන් අපේක්ෂා කරනවා  ‍පොලීසියත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු‍වේ නිලධාරීනුත් ඇවිල්ලා ඔවුන්ගේ ගේ පිටිපස්ස සහ ඒ පරිශ්‍රයන්වල මදුරුවන් බෝ වන ස්ථාන පවිත්‍ර කරනවා කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම ඩෙංගු මර්ධනයට මහජනතාවගෙන් ලැබෙන සහාය ප්‍රමාණවත් නෑ .කනගාටුවෙන් වුවත් ඒ ගැන කියන්නට ඕනේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *