ඩුබායි සිටි ලාංකිකයින් 290 ක් මෙරටට, පිරිස අතර ගැබිනි මව්වරුන් 100ක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් කොරෝනා වසංගත තත්වය මත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත අද (18) අලුයම පැමිණියා.

මඑ පිරිස අතර ගර්භනී මාතාවන් 100 ක් සහ කුඩා දරුවන් 08 දෙනෙකු සිටි බවයි කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත රෝහල් කාර්යය මණ්ඩලයක් විසින් ගුවන් තොටුපළ තුළදීම PCR පරීක්ෂණ සඳහා ලක් කෙරුණා.

එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *