ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම විසි වෙයි

මාධ්‍ය හමුවකදී ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාවට වරදකරු කර වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ මිනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා  ප්‍රතික්‍ෂෙප කළේය.

ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු ඇප දීමට තරම් සුවිශේෂි නැතැයි උන්වහන්සේගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

මාධ්‍ය හමුවකදී ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාවට වරදකරු වූ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් ලක්ෂයක දඩයකටද මීට පෙර අවස්ථාවක යටත් කෙරිණී.

2006 නොවැම්බර් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක  කොළඹදී පැවති ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් ජාතීන් හා ආගමික සංහිඳියාවට හානි කළ බවට ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුව සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකාර හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් චෝදනා දෙකටම වරදකරු කොට විනිසුරුවරයා ඔහුට අදාළ දඬුවම් නියම කෙරිණී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *