ජොන්ටි ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ධම්මික නිරෝෂණ ඝාතනයට සැකපිට එක් අයෙක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ධම්මික නිරෝෂණ හෙවත් ජොන්ටි අඟහරුවාදා (16) ඔහුගේ අම්බලන්ගොඩ, කන්ද ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදී වෙඩිතබා ඝාතනය කළේය.

වෙඩිතැබීම සඳහා පුද්ගලයින් තිදෙනෙක් පැමිණ තිබූ බව සඳහන් ය.

බූරු පිටියක ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔහුව ඝාතනය කර ඇති බවට විවිධ තොරතුරු වාර්තා විය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ සැකකරු බොහෝ විස්තර හෙළිකර ඇති බවයි.

එසේම රටපුරා සිදුවන බොහෝ වෙඩි තැබීම් වලට හේතුව යුද සමයෙන් පසුව ගිනි අවි තවමත් සංසරණය වීම බවද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *