ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා රහස් පොලිසිය විසින් ඊයේ රාත්‍රීයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් පැය 11 ක පමණ කාලයක් පුරා ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව රහස් පොලිස් නිලධාරීන් විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියේ පෙනී සිට ප්‍රකාශයක් දීමෙන් අනතුරුව රහස් පොලිස් නිලධාරීන් විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

රහස් පොලිසිය කළ කැඳවීමකට අනුව ඊයේ උදෑසන 09.00ට පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිටි වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගෙන් සිද්ධියට අදාළව හෙළි කරගත යුතු කරුණු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් රාත්‍රී 9.00 පමණ දක්වා ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලකට අනුව රරහස් පොලිසිය මෙම විමර්ශන ආරම්භ කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *