ජන සංඛාලේඛන අලුත් අධ්‍යක්ෂ පත් වෙයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දැනට ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන ඩී.ඩී. ජී. ඒ. සෙනෙවිරත්න මහත්මිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත 2025-09-05 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිතය.

ඒ අනුව, පුරප්පාඩු වන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට දැනට එම දෙපාර්තමේන්තුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය වන කේ. එම්. ඩී. එස්. ඩී. කරුණාරත්න මහත්මිය එදින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *