ජනපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් හමුවෙයි

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් අතර හමුව සිකුරාදා (18) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මුහුණ දී සිටින ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තම ඡන්දදායකයින්ට සේවය කිරීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවලට මුහුණ දී සිටින බව ඔහු පැවසීය.

රාජ්‍ය අංශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් ද තම රැකියා ස්ථානවල ගැටලු අත්විඳින බව කාරියවසම් මහතා පැවසීය.

එහිදී ඔහු කියා සිටියේ මෙම ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *