ජනපති ලස්සන වීමේ රහස කියයි

නුවරඑළිය මීපිළිමානේ බක් මහා උළෙලකට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නිවේදිකාව ඇසූ ප්‍රශ්නයකට ජනාධිපතිවරයා දුන් පිළිතුර නිසා අවුරුදු උත්සවයේ සිටි සියල්ලෝම සිනා සාගරයක ගිලී ගියහ.

අවුරුදු උත්සව භූමියේ තරඟ නරඹමින් සිටි ජනාධිපතිවරයා අසලට ගිය නිවේදිකාව ” ඔබතුමා මෙච්චර ලස්සන වුනේ කෙසේදැයි විමසීය.

ඊට ක්ෂණිකව පිළිතුරක් දුන් ජනාධිපතිවරයා ” මම ලස්සන වුනේ යූ.එන්.පී එකට බැඳිලා” යැයි සිනා මුසු මුහුණින් පැවසීය.

ජනාධිපතිවරයාගෙන් නිවේදිකාව ඇසූ ප්‍රශ්නය සහ ඊට ලැබුණු පිළිතුර මුළු උත්සව භූමිය පුරා ශබ්ද  විකාශන යන්ත්‍රය ඔස්සේ සජීවීව විකාශය වෙමින් පැවති හෙයින් සියල්ලෝම ඊට සිනාසුනහ.

සංචාරක ඉඩම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද ජනාධිපතිවරයා සමග මීපිළිමානේ බක්මහ උළෙල නරඹන්නට ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *