ජනපති අපේක්ෂකයෝ 35ක් වියදම හංගති

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම්  වාර්තා  ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ  දක්වා  ඒවා  භාරදී ඇත්තේ  හතර දෙනකු පමණක් යැයි මැතිවරණ කොමිසම් සභාව පවසයි.

මෙවර  ජනාධිපතිවරණයට අපේක්ෂකයින් තිස් අට දෙනකු ඉදිරිපත් වී තිබිණි .

වියදම් වාර්තා ලබාදී තිබූ අපේක්ෂකයන් සිව්දෙනා අතර ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ මහින්ද දේවගේ, ස්වාධීන අපේක්ෂක ප්‍රේමසිරිමානගේ  සහ කේ ආනන්ද  කුලරත්න  යන අය වෙති.

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන 13වැනිදා ඒවා  බාර්දීමේ අවසන් දිනය වන අතර  ඉන්පසු භාරදෙන වාර්තා සම්බන්ධයෙන් නීති විරෝධී කිුයා යටතේ දඬුවම්  ලබා දිය හැකි බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *