ජනතාව වෙනුවෙන් දුෂ්කර ක්‍රියා කිරීමට මා සූදානම් – සජිත්

තමන්ගේ රජයක් පිහිටුවා, කාන්තා හිංසනයට එරෙහිව දැඩි නීති පනවන බවත්, කාන්තාවන්ට අතවර, හිරිහැර කිරීමට කිසිම පුද්ගලයෙකුට ඉඩ නොතබන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොළඹ පැවති කාන්තා සමුලූවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

එමෙන්ම රජයේ ප්‍රතිපාදන හරහා කාන්තාවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් නොමිලේ සපයා දීමට අවශ්‍ය කටයුතු සලසන බවත් ඒ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ දේශපාලනයේදී තමන්ට විඩාව දැනෙනමුත් ජනතාව වෙනුවෙන් දුෂ්කර ක්‍රියා කිරීමට තමා සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *