චීනයේ සිටි ශ්‍රී ලාංකිකයින් 141ක් දිවයිනට

චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ රාත්‍රියේ සහ අද අලුයම පැමිණි ගුවන් යානා තුනකින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක පිරිසක් මෙරටට පැමිණ තිබේ. ඒ පිරිස අතර චීනයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ගොස් සිටි සිසුන් ද සිටින බවට වාර්තා වේ. ඔවුන් සියලු දෙනා ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් හා නිලධාරීන් විසින් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව, ඔවුන්ට කිසිදු කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණයක් නොමැති හෙයින්, ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැර තිබේ .

මෙම පිරිස ලංකාවට පැමිණ ඇත්තේ ඊයේ රාත්‍රියේ පැමිණි එයාර් චයිනා ගුවන් සේවයට අයත් CA- 425 දරන ගුවන් යානයෙන් හා අද අළුයම පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL- 881 සහ UL- 869 දරන ගුවන් යානා වලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *