deepal

චිකන් ගුන්යා රෝගීන් වැඩිවෙලා

මෙරටින් චිකන් ගුන්යා රෝගීන් වාර්තාවීම යළි ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

වර්ෂාවත් සමග මදුරු ගහනය ඉහළ යාම චිකන් ගුන්යා රෝගීන් වාර්තාමට  හේතුවී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ සහිත චිකන් ගුන්යා ඊඩිස් නම් මදුරු විශේෂය මගින් ජනතාවට වැළදෙන බවත් ඔහු කීවේය. තද උණ සමග හන්දි පත් රුදාව, සම කලු විම, කුෂ්ඨ ඇතිවීම මෙහි මූලික රෝග ලක්ෂණ බවත් දීපාල් පෙරේරා මහතා කීවේය. මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් විවේක ගැනීම සහ දියර ආහාර වැඩිවශයෙන් ගැනීම ඉතා වැදගත් බවත් විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *