චාර්ල්ස් හමුවට ගිය ජනපති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මන්නාරම දිස්ත්‍රික් නායක, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතාගේ මන්නාරම තල්වුපාඩු පිහිටි නිවසට ගොස් ඊයේ(17)සුහද සාකච්ඡාවක නිරත විය.

ඒ අවස්ථාවේ එහි රැස්ව සිටි එම පක්ෂයේ සමස්ත ලංකා තරුණ සංවිධානයේ නියෝජිතයන් , ප්‍රාදේශීය සභා, නගර සභා හිටපු මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් රැසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය දීමට එක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *