චන්ද්‍රිකාගේ තීරණයට කාර්‍ය මණ්ඩලයත් විරුද්ධ වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ‘අපි ශ්‍රී ලංකා‘ කණ්ඩායම ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණයට හිටපු ජනපතිනියගේ කාර්යමණ්ඩල අධ්‍යක්ෂ ජස්ටින් නවරත්න මහතා විරෝධය පළකර එම කටයුතුවලින් ඉවත්ව සිටින බව වාර්තාවේ.

කාර්ය මණ්ඩල අධ්‍යක්ෂවරයා සමග සේවක පිරිසේ වැඩි පිරිසක් ද මෙම තීරණයට විරෝධය පළ කර ඇත.

චන්ද්‍රිකා කුමාරතුංග ‘අපි ශ්‍රී ලංකා‘ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ආරම්භ කරමින් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීමට එක්වීම සම්බන්ධව මෙම පිරිස ඇය හමුවී අදළ තීරණයට විරෝධය පළකර ඇත.

තමන් නිශ්ශබ්දව පැත්තකටවී බලා සිටින බවත් පසුගිය වර ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට උදව් කළේ ඔහු අපේ මිනිහෙක් නිසා බවත් පවසන නවරත්න මහතා එසේ නමුත් මෙවර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට ගිවිසුම්ගතව සහාය දීමට යාමෙන් අපි එක්සත් ජාතික පාක්ෂිකයන් වන බැවින් කාටවත් උදව් නොකර මේ ටිකේ නිශ්ශබ්දව ඉන්නා බව කියා ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *