ගෝඨාගේ ආණමඩුව රැලියට ගිය පොහොට්ටු ආධාරකරුවන්ට පහරදීලා

ආණමඩුව නගරයේ සඳුදා(4) සවස පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රැළියකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් රැගත් බස් රථයකට ලී කඳන් දමා හරස් කර එහි සිටි පිරිසට පහර දී ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසයි.

මෙම පහර දිම එදින සවස 6.30 ට පමණ  සිදුව ඇති අතර  පහර කෑමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ආධාරකරුවන් පිරිසක් වන අතර පහර කෑමට ලක්වු පිරිසේ සිටි සිවුදෙනකු තබ්බෝව රෝහලේ සහ පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

ආණමඩුව රැළියට සහභාගි වි ආපසු නවගත්තේගම කරුවලගස්වැව කුඩා මැදවච්චාය ප්‍රදේශයෙදී මෙම පිරිස ගමන් කළ  ලංගම බස් රථය හරස් කර මග රැක සිටි 20 කට ආසන්න කාන්තාවන් හා පිරිමින් කණ්ඩායමක් විසින් ලී මුගුරු වලින් පහර දී ඇති බව පැවසේ.

මෙම පහර දීමෙන් ලංගම බස් රථයටද හානි සිදුව තිබු අතර පහර දීම  සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනිමට ප්‍රමාද විම ගැන 100කට ආසන්න පිරිසක් කරුවලගස්වැව පොලීසිය තුළදී  විරෝධය පළ කිරීමත් සමග නොසන්සුන්තාවයක් ඇතිවිය. පසුව එම ස්ථානයට පැමිණි   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ප්‍රියංකර ජයරත්න , සනත් නිශාන්ත හා හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන් වන ආනන්ද සරත් කුමාර ,චින්තක අමිල මායාදුන්න යන මහත්වරුන්  ඇතුළු පිරිස් එක්වි ජනතාව පත්ව සිටි නොසන්සුන්තාවය සමතයකට පත් කරන්නට දැඩි උත්සායක් ගන්නා ආකාරය දැක ගත හැකිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *