ගුවන් සමාගමේ පාඩුව අගමැති හෙළි කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස්  හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2017 2015 කාලයේදී රුපියල් කෝටි 16330 කට වැඩි මුදලක්ද 2015- 2016 කාලයේදී රුපියල් කෝටි 13084 කට වැඩි මුදලක්ද 2016- 2017 කාලයේදීරුපියල් කෝටි 2800 ක මුදලක්ද 2017 2018 අතර කාලයේදී රුපියල් කෝටි 1858 කට වැඩි මුදලක්ද 2018 -2019  කාලයේදී රුපියල් 417 ක මුදලක්ද 2019 2020 කාලයේදී රුපියල් කෝටි 4413කට වැඩි මුදලක්ද 2020 2021 කාලයේදී  රුපියල් කෝටි 4970කට වැඩි මුදලක්ද 2021 2022 කාලයේදී රුපියල් කෝටි 16358 කට වැඩි මුදලක්ද 2022 2023 කාලයේදී රුපියල් කෝටි 7130 ක මුදලක්ද 2023 2024 කාලයේදී  රුපියල් කෝටි 1247කට වැඩි මුදලක්ද මෙසේ පාඩු ලබා ඇතැයි ඔහු සඳහන් කළේය.

ගුවන් සමාගම  වැඩිම පාඩුවක් ලබා ඇත්තේ 2021-2022 කාලයේදීය. එම කාල සීමාවේදී ලැබූ පාඩුව රුපියල් කෝටි 16358කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *