ගුරුවරුන් සහ රාජ්‍ය සේවකයින් රජයට එරෙහිව උද්ඝෝෂණයක…

ජිවන වියදම ඉහල යාම , ඩිසල් , ගැස් හිගය සහ විදුලි කප්පාදුවට එරෙහිව නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සහ රාජ්‍ය සේවකයින් එක්ව යුක්තිය උදෙසා පුරවැසි හඩ සංවිධානය විසින් උද්ඝෝෂණයක් (08) දින සිදු කරනු ලැබුහ.

නුවරඑලිය තැපැල් කාර්යාලය ඉදිරිපිටට එක්රැස් වු නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ සේවය කරන ගුරුවරුන් සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් එක්ව උද්ඝෝෂණය සිදු කලහ.

එම උද්ඝෝෂණයට එක් වු මහ සංඝ රත්නය , ගුරුවරුන් සහ රාජ්‍ය සේවකයින් කියා සිටියේ මේ රට පාලනය කිරිමට වත්මන් රජයට නොහැකි බවත්, දිනෙන් දින රටේ ජනතාව පිඩාවට පත් වන නිසා වත්මන් පාලකයින් රට කල හැකි පිරිසකට රට භාර දි වත්මන් පාලකයින්ට යන ලෙසයි උද්ඝෝෂණයේ නියැලි පිරිස කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *