ගිනි අවි සඟවා ගත් තිදෙනා රඳවා ගන්න නියෝග

එල්.ටී.ටී. ඊ යුද සමයේදී එක්රැස් කළ අවි ආයුධ සඟවා තබා ගනිමින් දකුණේ පාතාල සාමාජිකයින්ට හා අපරාධකරුවන්ට කුලියට ලබා දුන්නේ යැයි අත් අඩංගුවට ගත් වවුනියාව නෙරිකුලම් හි පදිංචි සැකකරුවන් තිදෙනා දින 90ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

කාරියක් පෙරමාල් රමේෂ්, ඇන්තනී ප්‍රනාන්දු වික්‍රම සහ මොහොමඩ් රාසික් යන සැකකරුවන් මෙසේ රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කෙරිණි .

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ පසුගිය 21වෙනි දින කිරිබත්ගොඩ පොලිස් වසමේදී T56 ගිනිඅවියක්, පතොරම් 30ක් සහිත පතොරම් ගැබක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 650ක් සමගඅත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

අදාල ගිනි අවිය වව්නියාව සිට කොළඹ ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවත් මෙම ගිනිඅවිය තවත් පාර්ශ්වයක් වෙත ලබාදී අපරාධයක් සිදු කිරීමෙන් අනතුරුව නැවත වව්නියාවට රැගෙන යාමට සැලසුම් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *