ගෑස් මිල වැඩි කළ හේතු අහන්න පාරිභෝගික අධිකාරියෙන් ලාෆ්ස් සමාගම කැඳවයි

මෑතකදී ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබාගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) සමාගමේ නියෝජිතයන් කැඳවා තිබේ.
එම කැඳවීමට අනුව සමාගමේ නියෝජිතයන් පිරිසක් නොවැම්බර් 16 වැනිදා අධිකාරිය හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.
මිල සංශෝධනයට හේතු වූ කරුණු පැහැදිලි කර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම කැඳවීම සිදු කර ඇත.
ලාෆ්ස් ගෑස් සමාගම නොවැම්බර් 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය මිල ගණන් ඉහළ දැමූ අතර, එම සංශෝධනයත් සමඟ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6,740 දක්වා ඉහළ ගොස් තිබේ.




