ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි

නුවරඑලියේ ග්‍රෙගරිවැවට ගොඩබෑමේදි (07) දින අනතුරට පත් පෞද්ගලික සමාගමකට අයත් සෙස්නා සැහැල්ලු ගුවන් යානය සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිළධාරින්ගේ අධීක්ෂණය යටතේ (08) දින ගොඩ ගැනීමට උත්සහ කලද එම ගුවන් යානය ගොඩ ගැනීමට අපහසු නිසා එම ගුවන් යානය ගොඩ ගැනීමට වෘත්තීය කිමිදුම්කරුවන්ගේ (Master divers) සේවය ලබා ගැනීමට කටයුතු කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිළධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පැවසීය.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිළධාරින්, නුවරඑලිය පොලිස් ජීවිත ආරක්ෂික බලකායේ නිළධාරින්, ගුවන් හමුදාවේ නිළධාරින් සහ ග්‍රෙගරිවැවේ බෝට්ටුකරුවන්ගේ සහයෝගය මත නුවරඑලිය ග්‍රෙගරි වැවේ පැවති දැඩ අයහපත් කාලගුණයද නොතකා අනතුරට පත් සෙස්නා සැහැල්ලු ගුවන් යානය විමර්ෂන කටයුතු සදහා සහ ගොඩ ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ කලද එය ව්‍යර්ථ විය.
අනතුරින් එම ගුවන් යානයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.

ගුවන් අනතුරින් තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගුවන් නියමුවන් දෙදෙනා ප්‍රතිකාර ලබා රෝහලෙන් (08) දින බැහැරව ගිය බව නුවරඑලිය දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *