ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කර කබ්රාල් ඇතුළු පහක් රජයට රු. මිලියන 1843ක් පාඩු කරලා

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදි එරට බැඳුම්කර වල ආයෝජනය කිරිමෙන් රජයට රුපියල් මිලියන 1843.2ක මුදලක් පාඩු කළ බවට සඳහන් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම මගින් නඩු පවරා තිබේ.

මෙම බැඳුම්කරවල ආයෝජනය 2012 වසරේදී සිදුකර තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සූජීව සේනසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව සිදුකළ විමර්ශනය අනුව මහාධිකරණයෙන් නඩු පැවැරීමට තීරණය කර තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අමතරව ධර්මසේන ධීරසිංහ, වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ හා ඒ. කරුණාරත්න යන පුද්ගලයන්ට එරෙහිව මෙම නඩු පැවැරීම සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *