කෝවිල් දේව පූජාවෙදී අඹ ගෙඩිය රුපියල් 285,000 කට වෙන්දේසි වෙයි

වවුනියාව, උක්කුලාන්කුලම හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 285,000 ක මුදලකට ඊයේ රාත්‍රියේ වෙන්දෙසී වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය.

මෙම වෙන්දේසිය  පවත්වා තිබුණේ උක්කුලාන්කුලම් සිද්දි විනායගර් කෝවිලේ පැවති වාර්ෂික දේව මංගල්‍යය වෙනුවෙනි.

අදාල නෙද්දේසියේදී මෙම අඹ ගොඩිය මිලට ගනු ලැබුවේ වවුනියාව, උක්කුලාන්කුලම ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රන් සින්දුජා නමැති කාන්තාවක් විසිනි.

කෙසේ වෙතත් පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේදීද මෙම හින්දු කෝවිලේම පැවති වෙන්දේසියේදී අදාල කාන්තාව විසින් අඹගෙඩියක් 162,000 ක මුදලක් ලබාදී මිලට ගනු ලැබීය.

මෙම කාන්තාව විසින් කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අදාල මුදල් ලබාදීම සඳහා එවැනි මිලකට මෙම අඹ ගෙඩිය වෙන්දේසියේදී මුදල් ලබා දීම සිදුකල අතර ඊට අමතරව මෙම අඹ ගෙඩිය තමන්ගේ නිවසට රැගෙන ගොස් තැන්පත් කිරීමෙන් නිවසට මෙන්ම පවුලට ඇතිවන්නාවූ කරදර හා දෝෂයන් තුරන් වී සාමය සෞභාග්‍ය උදාවන බවටද හින්දු ජනතාවගේ විශ්වශයක් පවතියි.

උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පවත්වනු ලබන අතර මීට පෙරද වවුනියාවේ හින්දු කෝවල්හි එක් අඹ ගෙඩියක් රුපියල් 95,000 ක මුදලකට සහ තවත් හින්දු කෝවිලක අඹ ගෙඩි 3 ක් රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වීම සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *