කෝටි 6 ක කුෂ් අල්ලයි

තායිලන්තයේ සිට මෙරටට එවූ පාර්සලයක් තුළ තිබී රුපියල් කෝටි 6 කට  අධික (රුපියල් 60,210,000.00) වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6.201 ක් සැකකරුවෙකු සමඟ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය.

මධ්‍යම තැපැල් හුවමාරුවේ රේගු නිලධාරීන් ඊඑම්එස් අංශයේ විදේශ පාර්සල් පරීක්ෂාවේදී එම කුෂ් තොගය  සොයාගත් බවත් සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් බවත් පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *