කෝටි හතරක කුඩු සමඟ සංගීත ශිල්පියා අල්ලයි

කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වටලා රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව  ආදුරුප්පුවීදිය  පොලිසිය කියයි.

සැකකරු සමග හොරයින්  මත්කුඩු ගෑම් 372 ක් අයිස් මත්ද්‍රව්‍ය  කිලෝ 1 ගෑම්  558 පොලිසිය මගින් සොයාගෙන ඇත.

ආදුරුප්පු වීදිය පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් නිවස වටලා සිදුකළ සෝදිසියේදී  වාදන භාණ්ඩ අතර තිබූ බෙරයක ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව පොලිසිය කියයි.

පැදුරු සාජ්ජ පැවැත්වීම  , වාදන භාණ්ඩ කුලියට ලබාදීම ආදිය සිදුකරන බුවාවෙන් මෙම සැකකරු කාලයක සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය  ජාවාරම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *