කොළඹ වරායට බටහිරින් නෞකාවකින් කන්ටේනර් 17ක් මුහුදට වැටෙයි

කොළඹ වරායට බටහිර දෙසින් නාවික සැතපුම් 17ක් පමණ දුරින් වෙළෙඳ නෞකාවකින් හිස් ප්‍රවාහන කන්ටේනර් 17ක් මුහුදට වැටී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

මෙම සිද්ධිය අක්ෂාංශ 06°54′ උතුර සහ දේශාංශ 079°32′ නැගෙනහිර ආසන්න මුහුදු ප්‍රදේශයේදී සිදුව ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දැනට පවතින මුහුදු ධාරා හේතුවෙන් මෙම කන්ටේනර් මීගමුව හරහා බේරුවල සිට පුත්තලම දක්වා වෙරළ තීරය දෙසට ගසාගෙන යා හැකි බවද එම දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය.

අදාළ මුහුදු ප්‍රදේශයේ ධාවනය වන සියලු බහුදින සහ කුඩා පරිමාණ ධීවර යාත්‍රාවලට දැඩි අවධානයෙන් හා අතිශය සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම මුහුදේ පාවෙන මෙම කන්ටේනර් දකින ඕනෑම අයෙකු වහාම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි සන්නිවේදන මධ්‍යස්ථානයට හෝ ළඟම පිහිටි ධීවර වරාය බලධාරීන්ට දැනුම් දෙන ලෙසද ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *