කොස්ගොඩ බියවැද්දූ කොල්ල කල්ලියක් මෙහෙයවූ නැන්දා -දුව අල්ලයි

කොස්ගොඩ ඌරගස්මන්හන්දිය සහ අහුන්ගල්ල පොලිස් වසම්වල ජනතාව භීතියට පත්කරමින් කාලයක්  තිස්සේ රාත්‍රී කාලයේ නිවෙස් කොල්ලකෑම් රැසක් සිදුකළ කොල්ලකල්ලියක් මෙහෙයවූ බව කියන   කාන්තාවන් දෙදෙනෙකු සහ  කොල්ලකල්ලියේ සාමාජිකයන්වූ තරුණයන් දෙදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.

ඥාති නැන්දා සහ දුවක වන  සැකාරියන් දෙදෙනා වයස අවුරුදු 29 හා 40 වියේ පසුවන අතර අත් අඩංගුවට ගත් අවස්ථාවේ  ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2410 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3112 ක් ද සොයාග ගෙන තිබේ.

කොල්ල කල්ලිය   මුලුමනින්ම මෙහෙයවා ඇති  මෙම කාන්තාවන් දෙදෙනාගේ උපදෙස්  පරිදි හා ඔවුන් ලබා දෙන මත්ද්‍රව්‍ය පානය කර තරුණයින් විසින්  දොරවල් කඩා නිවෙස්වලට ඇතුළු වී ආයුධ පෙන්වා නිවැසියන් බියවද්දා මෙම කොල්ලකෑම් සිදුකර ඇතැයි පොලීසිය කියයි.

මොවුන් විසින් නිවෙස් පහකින් කොල්ලකා තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ කිහිපයක් හා මෙම කොල්ලකෑම් සඳහා යොදාගත් කඩු,කිනිසි  , උල් පිහි ,කැති,යකඩ පොලු සහ   මන්න පිහියා ඇතුලු ආයුධ තොගයක්ද මේ වන විට සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *